ජාතකය සොයා යාම:බත්තලංගුණ්ඩුව


ඇන්ටනී නම් වූ ජීවියා සමාජය තුල විවාහය නම් වූ බෞතිස්මය ලබන්නට සිය ජන්මයට අදාල ශුක්‍රාණුවේ භාරකාරත්වය සොයා යන වීර චාරිකාවක් ලෙස බත්තලංගුණ්ඩු‍ව වර්ග කිරීම අසාධාරණ විය හැක.. නමුත් එය එසේ වර්ග කිරීමෙන්ම මම සටහන ආරම්භ කරමි.

නගරයේ සන්නාසියෙකු වන මා ඈත නන්නාදුනන කොදෙව්වක් සොයා යන්නේ කුඩා ලමයෙකු නොව වැඩ්හිටියෙකු අල්ලා ‍ගෙන ඒමටය.ඔහු කවුරුන් හෝ වැඩිහිටියෙකු නොව මගේ අනන්‍යතා සහතිකය ඇති මගේම තාත්තාය

ඇන්ටනී සමාජීය ජීවියෙකි.කලාකරුවෙකු වුවද ඇන්ටනී හට සමාජයෙන් ගැලවි‍ය නොහැකි වන්නේ එනිසාය. ත්‍රිසා වෙනුවෙන් යැයි සිතා සිටියත් සමාජය වෙනුවෙන් ඇන්තනී බත්තලංගුණ්ඩුවට යාත්‍රා කරයි..

ඉකුත් මූසල සන්ධ්‍යාවක මුස්පේන්තු භාවය අහෝසි කරනු පිණිස මම විවාහයේ කල්වාරි දුර්ගය තරණය කිරීමට එන ලෙස ඇයට යෝජනා කලෙමි.පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මාගෙලෙහි එල්ලී දෙතොලමත ලිප්ස්ටික් තවරනු ඇතැයි මට සිතුනද අන්ධකාර ගෙහන්නාවේ මුඩු ආලෝකය ඈ මුහුණේ පැතිරින.මම වික්ෂිප්ත වීමි...
'ඇයි අකමැතිද?'
ඇය සීරියස් වෙමින් සිටියාය..
'මම කැමතියි දැන් වුනත්...'
'එහෙනම්'
ඇයට කෙළ ගිලින.ඒ සමග පිලිතුරද ආමාශගතවන්නට ඇත.'

බත්තලංගුණ්ඩුව හතර අතින් මුහුද මායිම් කර ගෙන තිබුනත් මුහුද පවා තුට්‍ටුවක මායිමකට නොගත් කොදෙව්වකි. වෙනත් සීමා බත්තලංගුණ්ඩුවට අදාල නොවන්නේ ඒ නිසාය..

'දෙන්නම සිංහල නම් ඇයි දෙමලෙන් කතා කරන්නේ'
පිලිතුර ලැබෙන්නේ අනිකාගෙනි. මෙයා සිංහල වුනාට සිංහල කතා කරන්න බෑ..! මෙයා පොඩිකාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ දූපතේ. ඒ හින්දා සිංහල දන්නෑ.ඇත්තම කියනවානම් මටත් සිංහලට වඩා දෙමල ලේසියි.'

ජීවිතයක දිග පලල මිස ජාතියක භාෂාවක බරක් පතලක් නොමැති වීම ඔවුන් ලත් භාග්‍යයකි. දැලෙහි පැටලෙන මාළුන් මිස ජාතිය ඔවුනට යැපීමේ මාර්ගයක් නොවේ.

බත්තලංගුණ්ඩුව තුල මිනිසුන් පාලනය වනුයේ සිය වුවමනාවන් මතිනි. ග්‍රේටා ඇඩ්ඩිංගේ භාර්යාව වුවද ආනාමරියාට ඊර්ෂ්‍යා කරන්නේ එනිසාය. ඇඩ්ඩිං පවා හුදෙක් මාළුකාරයෙක් වුවද ඉන් එහාට ඇදුන ජීවිත ඥාණයක් ඇත්තෙකු වීමට බත්තලංගුණ්ඩුව හේතු වන්නේ මෙසේ යැයි කීමට පිටුගාණක් පුරා සාක්ෂි නිර්මාණය වී ඇත.

'උඹේ ඇස් ඉස්සෙල්ලම දැක්කෙ මම, ඒත් මම උඹේ ඇස්වලින් මගේ හීන දකින්න ගියේ නෑ'
'ලෝකෙට එබිලා බලන්න මම උඹට නිදහස දුන්නා.මං උඹට ඉලක්කයක් දුන්නෙ නෑ.උඹේ ඉලක්කය උඹම හොයාගත්ත එකක්. වෙන මොනාද තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන්..'

බත්තලංගුණ්ඩුව තුල පවතින ජී‍විත සරලය. ඔවුන් සියළුදෙනා නොපෙනෙන හෙටකට වඩා පවතින ‍අද තුල ජිවත්වෙති.ඒ තුලින් ඔවුන් අප‍ට නොපෙනෙන ගැඹුරක් අප සමග හුවමාරු කර ගනී.

'කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නෙනෑ. සමහරවිට ඒ මගේ අම්මවත් ආත්තම්වත් නොවෙන්න පුළුවන්.සමහරවිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරව්ට ඒ දෙන්නම වෙන්නත් පුළුවන්.'

බත්තලංගුණ්ඩුව මට එළ පොතක් වනුයේ ඒ නිසාය..

'මිනිස්සු සල්ලි දීලා ඉට්පන්දම් පත්තු කරන්නෙ මොකටද ? ඉටිපන්දමේ වියදම වගේ ලක්ෂ ගාණක් බලාපොරොත්තුවෙන්... ඒත් ඒක ඒ මිනිස්සු දන්නෙ නෑ '

8 ප්‍රතිචාර:

Anonymous said...

මෑතකදි කියවපු පොත් වලින් හිතට ඇලිලා දිගටම ඉන්න එක පොතක් බත්තලංගුණ්ඩුව.

"බත්තලංගුණ්ඩුව තුල පවතින ජී‍විත සරලය. ඔවුන් සියළුදෙනා නොපෙනෙන හෙටකට වඩා පවතින ‍අද තුල ජිවත්වෙති."

මේ තත්වයට හැමදෙනාම ඉරිසියා කරනවා. හැමෝම දිව්වට ටිකකට හරි ජීවිතය රස විඳින්න, ඊළඟ ආත්මේ වෙනුවට අද දවසට ජීවත් වෙන්න හැමෝම ආසයි. බත්තලංගුණ්ඩුව කියවන කෙනෙක් ඒකටම ඇලෙන්නේ ඒ හීනය ටිකකට හරි ‍පොනේ සැබෑ කරන නිසා වෙන්න ඇති.

Anju said...

මේක නම් කියල වැඩක් නෑ නියමම නියම පොතක්... කියවලා හුඟාක් රස වින්දා..අපිට හුරුපුරුදු නැති වටපිටාවක ඉඳන් ලියල තියන නිසා කියවන්න තවත් ආසා හිතෙනවා...

දුකා said...

අනේ ම ට මේ පොත බලන්න තියෙන හදිස්සියක් . .. එත් ලබන මාසේ අන්තිම වෙනකම් ඉවසගෙන ඉන්න වෙනවා . .. . මොනා කරන්නද . . .ස්තූතියි මේ පොස්ට් එකට . . . අපිට මෙහෙම හොඳ පොත් ගැන හොයල කියන එක මොන තරම් වටිනවද . . .

said...

මටත් ලඟදි කියවපුපොත් වලින් ආයි කියවන්න ආස පොතක් තමා මේක. මේක බැලුවට පස්සේ ඇත්තටම බත්තලංගුණ්ඩුවට යන්න ආස හිතුනා.

ආගන්තුකයා | Stranger said...

පොත්ගුලට සෙට් වෙන්න කැමති නම් කමෙන්ට් දානකොට කියන්න.පහුවදා‍ම මේල් එක එයි.
ඇත්තටම බයනැතුව පට්ට කියල කියන්න පුළුවන් පොතක්.. දුකා හැකි ඉක්මනට කියවපන්..

Anju said...

පොත් කියන්නෙ මට නම් ජීවිතේ..හොඳ පොත් ගැන තොරතුරු බෙදා හදා ගන්න පොත් ගුලට එකතුවෙන්න මමත් කැමතියි... :)

ආගන්තුකයා | Stranger said...

අංජු - මේල් එක දුන්නොත්‍ එවන්නම් මට තරහා නැතුව මේල් එකක් එවනවද... kirikatiya007@gmail.com

aRa said...

මරු.....පට්ට....ෙවඩ්ඩාෙග් තව ෙවඩි වෙෙග් වැඩක්...

Post a Comment