අන්තිම කැමැත්ත | අගතා ක්‍රිස්ටි ලියූ Sad Cypress





එලිනෝර් කාලයිල් මෝෆීන් විස මුසු සැන්විච් කෑමට දී මේරි ජෙරාඩ්ව මැරුවාද . . .?

එලිනෝර් කාලයිල් නමට ලැබුනු නිර්නාමික ලිපිය එව්වේ කවුද . . . . ? එහි ලියා තිබුනේ මොනවාද . . ?

අංශබාගය රෝගය වැලඳී නැගිට ගැනීමට නොහැකිව සිටි ලෝරා වෙල්මන් මහත්මිය අන්තිම කැමැත්ත ලිවීම සඳහා නීතිඥයා කැඳවා තිබියදී ඊට පෙර දින මිය ගියේ සාමන්‍ය ලෙසද . . .?? මෝෆීන් ශරීර ගත වීමෙන්ද . . ??

හොප්කින්ස් හෙදියගේ අත්බෑගයේ තිබූ මෝෆීන් අඩංගු ටියුබය සොරා ගත්තේ කවුරුන් විසින්ද . . ?

අන්තිම කැමැති පත්‍රයක් නොලියා ලෝරා වෙල්මන් මහත්මිය මියගියහොත් ඇගේ විශාල බූදලයට එකම හිමිකාරිය තමා බව දන්නා එලිනෝර් කාලයිල් ඇගේ නැන්දනියට මරණාය හිමිකර දුන්නාද. . . ?

මේරි ජෙරාඩ් ජර්මනියේදී ලැබූ ඉහල ඉගෙනුම හේතුවෙන් ඈ තමා පිටුදකිනාවායැයි සිතූ ටෙඩ් බිග්ලන්ඩ් විසින් මේරි ජෙරාඩ්ව මරණයට පත්කලාද. . . ?

සැන්විච් වලට මෝෆීන් වස එක් කල මිනී මරුවාගේ ඉලක්කය මේරි ජෙරාඩ්ද . . . ? එලිනෝර් කාලයිල්ද . . ?

තමා සමඟ විවාහ ගිවිසගෙන සිටි තමා උමතුවෙන් මෙන් ප්‍රේම කරන රොඩ්‍රික් වෙල්මන්, මේරි ජෙරාඩ් කෙරෙහි උමතු ලෙස ප්‍රේමයෙන් බැදුනු බව දුටු එලිනෝර් කාලයිල් මේරි ජෙරාඩ්ව ඉවරයක් කිරීමට සිතුවාද. . . ?

හොප්කින්ස් හෙදිය භාජන සෝදද්දී මුහුන රෝස පැහැ වූයේ මුරගේ අසල ඇති රෝස ගහේ කටුවත් අතේ ඇනුනු බැවින්ද . . ?

රොඩ්‍රික් වෙල්මන් කිසිවෙකු නොමැති අවස්ථාවේ ලෝරා නැන්දාගේ කාමරයට රිංගුවේ ඇයි . . .?

මේරි ජෙරාඩ්ගේ මරණය දා හන්ටර්බරි නිවස අසල නවතා තිබූ කාරය දොස්තර පීටර් ලෝඩ් ගේ එකමද . . ?

බිෂොප් මහත්මියගේ මේරි ජෙරාඩ් කෙරෙහි ඇති අකමැත්තත් ඇගේ මරණයත් අතර යම් කිසි සම්බන්ධතාවයක් ඇත්ද . . . ???

නිර්නාමික ලිපිය ලීවේ ඕබ්‍රියන් හෙදියද . . ?

යලි ගොඩ ගන්න නියම කල ලෝරා වෙල්මන් මහත්මියගේ මිනියේ මෝෆීන් අඩංගු බව රජයේ රසපරීක්ෂක සොයා ගනීද . . . ?

ඇගේ මරනයට හේතුව මෝෆීන් බව දොස්තර පීටර් ලෝඩ් දැන සිටියාද . . ?

රහස් පරීක්ෂක හර්කියුල් පයිරට්ට මේ අභිරහස විසදීමට හැකිවෙයිද . . . ?

. . . .. . . .. . . .. .

මේ සියළුම ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍යනම් ඔබට අගතා ක්‍රිස්ටි ලියූ "Sad Cypress" පොත හෝ පූජිත කරුනාරත්න විසින් පරිවර්ථනය කල "අන්තිම කැමැත්ත" පොත බලන්නම වෙනවා . . . .

6 ප්‍රතිචාර:

dakshika said...

ස්තූතියි දුකා.. ගාන තමා බන් සැර

Anju said...

අනේ මං මේවගෙ ඒවට වැඩිය කැමති නැහැ.. ඒත් ඉතින් postඑක කියෙව්වහම නොකියව ඉන්න හිතෙන්නෙත් නැහැ..ස්තූතියි දුකා අයියේ...! :))

දුකා said...

@කරුමක්කාරයා !
ගාන නම් ටිකක් සැර වුනත් ගත්තත් පාඩු නොවෙන වර්ගයේ පොතක් . ..

@!
හප්පා . .. මේවගේ ඒවට වැඩිය කැමති නෑ කිව්වා . . ?? එතකොට ශර්ලොක් හෝම්ස් කතා ??? මට නම් ඒවා අබිං කෑවා වගේ තමයි . . .

Thejan said...

මම කියවපු හා කියවන්න ආසාවෙන් ඉන්න පොත් කීපයක නම් දාන්නම්.
පුලුවන්නම් හොයලා දාන්න. site එකට books archive එකක් දානවනම් පොත් ගැන බලන්න පහසුයි.

උගුඩු විත්ති - කුමාරතුංග මුණිදාස
Reincarnation of Peter Proud - පරි: චන්දන මෙන්ඩිස්
සාරභූමි
ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්ඡාරණය - John Perkins
The Singapore Story - ලී ක්වාන් යූ
චරිතාපදාන - ජේ.ආර්.ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක
ඉංජිනේරුවකු වීමට ඔබ කැමති ද? - අනතෝලි මර්කූෂා
සංසන්ධිකයා - Frederick Forsyth
යුධ බල්ලෝ - Frederick Forsyth
The Day of Jackal - Frederick Forsyth
‍‍

Teena said...

මං ආසම කැටගරි එක..අගතා ක්‍රිස්ටිගෙ නම් ආයේ ඉතිං කියලා වැඩක් නෑ..

Teena said...

හා තව එකක් තියෙනව මේ වගේම රූමතියයි තණනිල්ලයි කියලා ..MAXXXA පොතක්

Post a Comment