රුයිත දහය

ජනක මහබෙල්ලනගේ පොතක්. මම හුඟක්ම ආසා කරන කවියෙක්. රතිය කියන මානුෂීය ක්‍රියාකාරකම හරිම අමුතු සරල විදියකට දකින කවියෙක්. මම මේ ඌරුවට යන කවි ලියන වෙනත් කෙනෙකුට කියලා දන්නේ කේ. කේ. සමන් කුමාරව නොහොත් සර්පයාව. පොතේ විග්‍රහ කරන්න කතාවක් අන්තර්ගත නොවන නිසා පොත ගැන දීර්ඝ හඳුන්වා දීමක් කරන්න මට අවස්ථාවක් නෑ.

පොතේ අන්තර්ගතය සඳහන් කලොත් රතිය, සිගරට්, කවිය, පවුල, ආදරය, දෙමව්පියන්, කසිප්පු, සහෝදරකම්, පරිසරය සමාජ තලයන් ගැන නොයෙක් විදි වල අත්දැකීම් මේ පොතේ අඩංගුයි. ඉහත කී අන්තර්ගතයන් ගැන නොයෙක් කෝණ වලින් දැකීම් මේ පොතේ අඩංගුයි. අන්තර්ගතයන් වල කවියා දකින් සොඳුරු බව සහ උපමාවන් සඳහා මෙය කදිම නිදසුනක් වෙයි.

අනියම් පෙම

ගඟ:
ගලාගෙන ගියාට කමක් නෑ
මුහුදට
ඉවුරුත් තෙමාගෙන

සමාජගත පිලිගැනීම්, රීතීන්, තත්වයන් විටෙක මොහු කඩා දමයි. විටෙක සියුම් පහරවල් එල්ල කරයි. සංවාද වලදී හැඟී ගියේ සමහරෙකු  මොහුගේ කවියට අකමැති බවයි. එයට හේතුව ලෙස දැක්වූයේ කාමුකත්වය ඉස්මතු කිරීමේදී හේ රීතීන් බිඳ ඇති බවයි. එය නිශ්චය කිරීම කියවන ඔබට බාර කරමි. රැඩිකල් කවි විඳීමට කැමතිනම් - මේ අසම්මතවාදියාවත් කියවන්න.

අවසනටත් ඔහුගේ කවියක්:


ISBN - 955 -8365 -09 -2
සංහිඳ ප්‍රකාශනයක්
මිල රුපියල් 100/=

කවරයේ පින්තූරය සහ කවිය සැපයීම: රුවන් බන්ධුජීව සහෝදරයාගෙන්



3 ප්‍රතිචාර:

Anonymous said...

මගේ ගාවත් තියෙන පොතක්. ඒත් මම එච්චරම ආසාවක් නෑ. හොඳ කවිත් නැතුවම නෙමෙයි. ඒත් වැඩියෙන් තියෙන්නේ තනේ උරන ඒවනේ.

Malaka said...

මරු.

malee_msg said...

මං ජනක ගේ සරළ කවි බාෂාවට බොහොම කැමතියි.. ඒ නිසාම දැක්ක තැනක ජනකගේ පොත් ගන්න මම පහුබහින්නේ නෑ..

Post a Comment