මම රාත්‍රිය වෙමි
















නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...

නීට්ෂ 'අධිෂ්ඨානය' නම් සංකල්පයක් 'තණ්හාවට' අනිත් පස තැබුවේය. නිට්ෂ ගෙ දර්ශනය ගැන සිංහලෙන් ලියැවුන පොත් එකකි. ගුණපාල ධර්මසිරි නීට්ෂ ගැන පමණක් නොව අනෙකුත් දර්ශන-දර්ශනාන්තරයන් පිළිබඳවද ප්‍රමාණිකයෙකි. ඔහු නීට්ෂ ගැන ඉහත කී එකම පොත ලිවීය. 1980 දශකයේ අගට වන්නට සාංදෘශ්ඨික වාදය ගැන විවිධ වාද-ප්‍රවාද විසින් කොළඹ මතාන්තර අවකාශය ගිලගති. 1988-89 කැරළි සමයත් 'අහිමි විප්ලවයත්' විසින් ඇති කිරීමට නියමිත රික්තකයට අවශ්‍ය වූ 'ගුප්තවාදයන්' ප්‍රචලිත වෙමින් පැවතිණ.


1988මම රාත්‍රිය වෙමි පළවන්නේ මෙකී පූර්විකාවේ කොටසක් ලෙස යැයි මට සිතේ. හේමරත්න ලියනආරච්චි අපට සිටින අනගි ලේඛකයෙකි. ඔහුගේ 'මම රාත්‍රිය වෙමි' ෆ්‍රොයිඩ්,නීට්ෂ හා ගෞතම බුද්ධ එක පෙළට සිටවමින් පසුව සිදුවූ විවිධ හරඹයන් ගේ මූලාරම්භය ද? සංයුක්ත පිළිතුරක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැත.

හේමරත්න ලියනආරච්චි රෝගාතුරව සිටින බව නදීජා කීවා ය.


'මම රාත්‍රිය වෙමි' මුල් වරට කියවුවා ට පසු පසුගිය දශක දෙක පුරා එහි පිටපතක් සොයමින් පොත් කඩ පීරූ මුත් එකක් සොයා ගත නොහැකි විය. 2008 නැවත වරක් 'මම රාත්‍රිය වෙමි මුද්‍රණය වී ඇත. මුල් වර කියවූවාට පසු නැවත යොවුන් ආවේගයකින් යුතුව එය කියවීමට පටන් ගත්තේ මරදානේ ආනන්දය ඉදිරිපිට බස් නැවතුමෙදී ය. එය දෛවෝපගත සිදුවිමක්ද?

'ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයෙහි සිතෙහි කිසියම් ආරක්ෂා සහගත බවක් තිබිණ.' - 29 පිට

ඊයේ රාත්‍රියේ දස්තයෙව්ස්කි මා බලන්නට ආවේ ය. – 1 පිට


මේ කිසිදු සිංහල නවකතාවක හමුවන වැකියක් නොවේ. 'මම රාත්‍රිය වෙමි' 1960 දශකයේ සමාජ පසුබිම මත පිහිටා ලියැවුන, හරි හමං විචාරයකට ලක් නොවූ කතාවකි. බණ්ඩාර ගේ 'භින්නෝන්මාදී' මනසින් එළියට එන්නේ 'පසු නිදහස්' යුගයේ උපන් භින්නෝන්මාදය යැයි මට හැඟේ.

එවිට මම බණ්ඩාර නොවෙමි. මම චරිතයක් වෙමි. වචන ගොඩක් වෙමි. අකුරු ගොඩක් වෙමි. – 17 පිට

මේ ටෙක්ස්ට් -text’ හෝ කතිකා ව-discourse’ හෝ යනුවෙන් පසුව ඇතිවූ විදාරණයේ පෙරවදන යි. අමරසේකර (යළි උපන්නෙමි ) ගුනසිංහ (හෙවනැල්ල ) අජිත් තිලකසේන (පිටුවහල් කර සිටිද්දී ) ආදී කතා කරුවන්ගේ පෙළෙහි ඊළඟ පොත 'මම රාත්‍රිය වෙමි' විය යුතුය.

තාත්තා එක්ක යකෙකුටවත් ඉන්න බෑ. මම ඇත්ත කියන්නම්, මට අනන්ත හිතිල තියෙනවා තාත්තා ව මරල දාන්න.....සහතිකයි... – 97 පිට

මචං, ආනන්තරිය පාපයක් වෙච්ච පීතෲ ඝාතනය; ඒක උරුමයක් වෙච්ච.. ඉතිහාසයක් වෙච්ච අපේ අතින් සූත්‍ර ගත නොවුනේ ඇයි?’ මම සමන් ගෙන් ඇසීමි. මචං 1976 විතර ආපු 'ජෝර්ජ් ඊ වීරකෝන්' ගේ 'පුතේ උඹේ මාළිගාව' කියවලා තියෙනවද?’ සමන්ගේ පිළිතුර ජනේරු දා දුරබණන ජාල තදබදයෙහි කැඩි කැඩි ගිලි ගියේය.


මම ආසා පොත් එක් එක් ගොණු වශයෙන් රාක්කයේ එක තැන තැබීමට ආසා කරමි. සිද්ධාර්ථ ගරුසිංහ පරිවර්තනය 'මම රාත්‍රිය වෙමි' හා එක තැන තැබීම මගේ කැමැත්තයි.


නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...

11 ප්‍රතිචාර:

chamila_dealwis said...

පොත දැක්කේ අද, ඒත් කියවන්න පුදුම ආසාවක් ඉපදුනා.

kasun | said...

අනිවා.
කියවන්න පුදුම අසාවක් ඇතිඋනා.

ආගන්තුකයා said...

ඇත්තටම පොත ගැන ඇහුවෙත් මේකෙන්... ‍දැන් ‍ඉතින් පිස්සුවෙන් වගේ පොත හොයන්න වෙනවා...

Anju said...

අනේ මේක නම් කියවන්නම ඔන පොතක්...බොහොම ස්තූතියි ලිපියට..පොතේ ප‍්රකාශකයා කවුද කියල කියනවද?

Anonymous said...

meka therenda dapan yakooooo..
sinhalen dapiya

හෂිත said...

ගොඩගේ ලගෙ ප්‍රකාශනයක්. පොත හොයා ගන්න අමාරු නම් අර නවකතා තියෙන අංශයේ ඉන්න අක්කාගෙන් අහන්න.

Anju said...

ස්තූතියි ..!

Anonymous said...

මම මේ පොත කියෙව්වේ 1989 උසස් පෙළ ඉන්න කාලේ පාසල් පුස්තකාලෙන්. මම ඉතාමත් ආශාවෙන් කියෙව්වේ. ඇත්තමයි, මමත් මේකේ පිටපතක් ගන්න නිතරම හෙව්වා. මට පොතක් ගන්න වත්කමක් තිබුණු කාලේ.

මා ඉතාමත් ප්‍රිය කළ ලේඛකයෙක්. ඔබට නිවන් සුව.

සුසිල්

කවිඳු රන්දික said...

මම මේක කියෙව්වා 2012 අගෝස්තු වල අවාසනාවකට මෙහි අවසන් පිටු ඉරා දමා තිබුණා.කවුරුහරි කියනවද මේකෙ අවසානය ගැන

කවිඳු රන්දික said...

මම මේක කියෙව්වා 2012 අගෝස්තු වල අවාසනාවකට මෙහි අවසන් පිටු ඉරා දමා තිබුණා.කවුරුහරි කියනවද මේකෙ අවසානය ගැන

කවිඳු රන්දික said...

මම මේක කියෙව්වා 2012 අගෝස්තු වල අවාසනාවකට මෙහි අවසන් පිටු ඉරා දමා තිබුණා.කවුරුහරි කියනවද මේකෙ අවසානය ගැන

Post a Comment